පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.
පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එහිදි ද්විපාර්ශවික හා කලාපීය කරුණු මෙන්ම ඇෆ්ගනිස්ථානයේ සාම ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි. එමෙන්ම කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාපිලිවෙල පිලිබදව ස්තූතී කළ බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වනවා.