සංචාරක එංගලන්ත කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තුන්වන දිනය අද (23) ආරම්භ වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවි ලකුණු 353ක් රැස් කළා. බෙන් ස්ටොක්ස් ලකුණු 91යි. ජෝ ඩෙන්ලි ලකුණු 74ක් සහ රොරී බර්න්ස් ලකුණු 52ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී ටිම් සවුති කඩුලු 04ක් බිද හෙලුවා.
පිලිතුරු ඉනිම ක්රිඩා කරමින් සිටි නවසීලන්ත කණ්ඩායම ඊයේ (22) දිනයට තරගය නතර කරන විට කඩුලු 04ක් දැවි ලකුණු 144ක් ලබා සිටියා.