fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2019 09:52

අද සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

අද (23)සිට වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

උතුරු නැගෙනහිර උතුරුමැද ඌව සබරගමුව සහ දකුණු පලාත්වලට වැසි වැඩිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර සියයක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් කර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය සඳහන් කළා.

කංකසස්තුරේ සිට ත‍්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප‍්‍රදේශවල ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා. පැයට කිලෝ මීටර 80 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 23, 2019 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්