සිරියා යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව සිටින බ්‍රිතාන්‍ය දරුවන් යළි මව් රටට රැගෙන ඒමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අයි එස් සටන්කාමීන් යටතේ පවතින ඊසාන දිග සිරියාවේ ගම්මාන වලින් එම දරුවන් රැගෙන යාමටයි සැලසුම් කර තිබෙන්නේ. කුඩා දරුවන් සටන්කාමීන්ගේ ඉලක්ක බවට පත්නොවිය යුතු බවයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.
බ්‍රිතාන්‍ය පුන්‍ය ආයතන රැසකින් ද ඒ පිලිබද යෝජනා ඉදිිපත්වී තිබෙනවා. ඒ අනුව ඉදිරි දින කිහිපයේදී සරණාගත දරුවන් රැගෙන ඒමටයි තීරණය කර තිබෙන්නේ.