කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබදව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය විය හැකි බවයි එහි දැක්වෙන්නේ. ඒ නැගෙනහිර, උතුර, උතුරු මැද , ඌව, සබරගමුව සහ දකුණු පළාත් වලට. ඇතැම් ස්ථාන වලට මිලිමීටර සියයත් 150 ත් අතර තද වැසි ඇති වියහැකි බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු ද හටගන්නවා.
මේ අතර ඉදිරි දින කිහිපයේදී මුහුදු ප්‍රදේශ ආශි‍්‍රතව ද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. එම අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති වන අතර, මුහුදු ප්‍රදේශ රළු වනවා. වැඩි අවධානයක් යොමුකරන ලෙසයි දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට උපදෙස් ලබාදෙන්නේ.