14 වන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලැබීමට අයිටීඑන් මාධ්‍ය ජාලය මෙවරත් සමත් වුණා. කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී ඊයේ රාත්‍රියේයි සම්මාන උලෙළ පැවැත්වුණේ.
2018 වසරේ සිදුකෙරුණු රූපවාහිනී නිර්මාණ සදහායි මෙම සම්මාන උළෙලේදී සම්මාන පිරිනැමුණේ. පළමු අදියර යටතේ අංශ 17ක් සදහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය යටතේ සම්මාන පිරිනැමුණා. ප්රශස්තතම සම්ප්රවේෂකට හිමි සම්මානය සදහා අයිටීඑන් මාධ්‍ය ජාලයේ ඉන්ද්‍රසිරි සුරවීර, දිල්ශාන් පතිරත්න සහ සිතාරා කළුආරච්චි නිර්දේශ වීම විශේෂත්වයක්. ප්රශස්තතම සම්ප්‍රේෂකට හිමි සම්මානය මේ අතරින් සිතාරා කළුආරච්චි දිනා ගත්තා.
ඉංග්‍රීසි මාධ්‍ය හොදම ප්රවෘත්ති නිවේදිකාවට හිමි සම්මානය ඉෆ්තියා අබ්දුල් කාදර්ට හිමිවුණා. දෙමළ මාධ්‍ය ප්රශස්තතම පූර්ණ පටයට හිමි සම්මානය වසන්තම් ටීවී හි දක්ෂලාන්ත් දිනාගත්තා. අයිටීඑන් වෙනුවෙන් ජනජීව වේහැල්ල නිශ්පාදනය කළ ඇත්පවුර වැඩසටහන සදහා ඡුරියේ විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමුණා. දෙමළ මාධ්‍ය හොදම සාකච්ඡා වැඩසටහන සදහා වූ සම්මානය හිමිවූයේ වසන්තම් ටීවී හි කේ. පුණ්යමූර්තිටයි. සිංහල මාධ්‍ය ප්රශස්තතම වාර්තා වැඩසටහනට හිමි සම්මානය අයිටීඑන් මාධ්‍ය ජාලයේ සමන්සිරි අමරතුංගට හිමිවුණා. ඒ ඔහු නිශ්පාදනය කළ චීවරය වැඩසටහනටයි. ප්රශස්තතම ක්‍රීඩා වැඩසටහන සදහා නිර්දේශිත නාමයන් තුන සදහාම අයිටීඑන් මාධ්‍ය ජාලයේ චන්දන අල්මේදා නිර්දේශ වීම විශේෂත්වයක්. ඒ අනුව ප්රශස්තතම ක්‍රීඩා වැඩසටහනට හිමි සම්මානය චන්දන අල්මේදා නිශ්පාදනය කළ පල්සර් ඇඩ්වෙන්චර් වැඩසටහනට හිමිවුණා. දෙමළ මාධ්‍ය ප්රශස්තතම බහු කැමරා නිශ්පාදනය සදහා හිමි සම්මානය හිමි වූයේ වසන්තම් ටීවී හි කෝනේෂ් සෙල්වරාජාටයි.
ප්රශස්ථතම ශබ්ද සැලසුම්කරණය සදහා හිමි සම්මානය අයිටීඑන් ඔස්සේ ප්‍රචාරය වූ කූඹියෝ ටෙලිනාට්‍යයේ කිංස්ලි රාජපක්ෂට සහ ප්‍රදීප් වෙදකාරගෙදරට හිමිවුණා. හොදම සංගීත අධ්යක්ෂණයට හිමි සම්මානය දිනාගත්තේ අයිටීඑන් ඔස්සේ ප්‍රචාරය වූ සහෝදරයා ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළ කසුන් කල්හාරයි. ප්රශස්ථම කැමරා අධ්‍යක්ෂණය සදහා සහෝදරයා ටෙලිනාට්‍ය වෙනුවෙන් ධම්මික රත්නායක සම්මාන දිනාගත්තා. ප්‍රශස්ථ ප්‍රාසාංගික ටෙලිනාට්‍ය ලෙස කූඹියෝ නිෂ්පාදනය කළ අසංක දොඩම්තැන්න ද, ප්‍රශස්ථ නිලි භූමිකාව වෙනුවෙන් සහෝදරයා ටෙලිනාට්‍ය යේ කලණි දොඩම්තැන්න ද සම්මාන හිමිකර ගත්තා. ප්‍රශස්ථ සංස්කරණය වෙනුවෙන් කූඹියෝ ටෙලිනාට්‍ය සංස්කරණය කළ දමිත චන්ද්‍රසිරි ද ප්‍රශස්ථ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් කූඹියෝ අධ්‍යක්ෂණය කළ ලක්මාල් ධර්මරත්න ද සම්මාන දිනාගත්තා. ප්‍රශස්ථ නළු භූමිකාව වෙනුවෙන් කූඹියෝ හි තුමිදු දොඩම්තැන්න ද, ප්‍රශස්ථ සහය නළු වෙනුවෙන් කලණ ගුණසේකර ද සහාය නිලිය ලෙස යුරේනි නොෂ්කාද කූඹියෝ වෙනුවෙන් සම්මානයට පාතු වුණා. මේ අතර ප්රශ්සථ ටෙලිනාට්‍ය තිර රචනය වෙනුවෙන් සම සම්මාන දෙකක් හිමිකර ගැනීමට ස්වාධීන රූපවාහිනී සේවයට හැකිවුණා. ඒ කූඹියෝ වෙනුවේ ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි මෙන්ම සහෝදරයා වෙනුවෙන් නාමල් ජයසිංහයි.