අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ වැඩ භාරගත්තා. ඒ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදීයි.
වැඩ භාරගැනීමට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ආගමික වතාවත් මධ්‍යයේ එම කටයුතු ආරම්භ කෙරුණා. පැමිණ සිටි පිරිස පන්සිල් සමාදන් කරවූයේ පූජ්‍ය කුඹුරුපිටියේ වජිර ස්වාමීන් වහන්සේයි.
අන්‍යආගමික පූජකතුමන්ලා ද ආශිර්වාද පළකළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විශේෂ අනුශාසනාවක් ද සිදුකළා. සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ එළඹුනු සුබ මොහොතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩ භාරගැනීම සිදුවුණා.
වැඩ භාරගැනීමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස සමග අග්‍රාමාත්‍යවරයා සුහද කතාබහක නිරත වුණා.