රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල නෙළුම් පොකුණ රගහලේදී උත්කර්ශවත්ව අද (21) පස්වරුවේ පැවැත්වෙනවා. ස්වාධීන රුපවාහිනී මාධ්‍ය ජාලයේ වැඩසටහන් රැසක්ද එම උළෙලේ සම්මාන සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත් ව තිබෙනවා.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘති කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලාමණ්ඩලය එක්වයි සම්මාන උලෙල සංවිධාන කරන්නේ. ප්‍රවීණ රංගවේදීනී මාලනී ෆොන්සේකා මහත්මිගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
එම සම්මාන උළෙලේ හොදම ගවේශනාත්මක පුවත් වාර්තාකරණය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති අංශයේ ගයාන් බුද්ධික ඇල්ලේගොඩ නිර්දේශිත නාම අතරට එක්ව සිටිනවා. හොදම ක්‍රීඩා වැඩසටහන සදහා චන්දන අල්මේදා නිර්දේශවී ඇති අතර හොදම සංගීත වැඩසටහන වෙනුවෙන් උදය කුමාර තෙන්නකෝන් නිර්දේශිත නාම අතරට ඇතුලත්. හොදම ළමා වැඩසහන වෙනුවෙන් ලක්ෂ්මන් මත්තුමගල මහතා නිර්දේශ වී තිබෙනවා. එමෙන්ම ස්වාධීන රූපවාහිනීයේ ඇත්පවුර වැඩසටහන සදහා ජනජීව වේහැල්ලද සම්මාන සදහා වන නිර්දේශිත නාම අතරට එක්ව සිටියා. හොදම ප්රවෘත්ති නිවේදක ඉංග්‍රීසි වෙනුවෙන් නිර්දේශ වී සිටින්නේ ඉෆ්තියා අබ්දුල් කාදර්. ඉන්ද්‍රසිරි සුරවීර නිර්දේශ වී සිටින්නේ හොදම පූරක සදහා වන සම්මානය වෙනුවෙනුයි.