ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එරෙහි නඩුවක කටයුතු අවසන් කර එම නඩුවෙන් මුදා හැරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ඒ / ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33යි දශම 9 ක් සාවද්‍ය පරිහරණය කළ බවට වන නඩුවෙනුයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෝසමක් ගොනු කරමින් දන්වා සිටියේ තම සේවාදායකයා මේ වන විට විධායක ජනපති ලෙස පත්ව සිටින බවයි. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනපතිට එරෙහි නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව ඒ මහතා පෙන්වා දුන්නා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියාසිටියේ ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනපතිට එරෙහිව අපරාධමය හෝ සිවිල් නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවයි. ඒ හේතුවෙන් මෙම අධිචෝදනා ඉදිරියට පවත්වාගෙන යා යුතු නැති බවටයි ඒ මහතා දැනුම් දුන්නේ.
ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. ජනාධිපතිතුමාගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඇපකරුවන් මුදා හැරීමට ද නියෝග කෙරුණා. නඩුවේ සෙසු විත්තිකරුවන් සම්බන්ධ ස්ථාවරය මීළඟ දින අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා කියාසිටියා.