සාමාන්‍ය පෙළ විභාගය ලබන මස දෙවනදා සිට 12 වනදා තෙක් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මුළු අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව හත්ලක්ෂ දාහත් දහස් අටක්. ඒ අතරින් පාසල් අයදුම්කරුවන් හාරලක්ෂ තිස්තුන් දහස් පනස් දෙනෙක් විභාගයට පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ. මධ්‍යස්ථාන 4987 කදී විභාගය පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
නේපාලයේ කත්මන්ඩු නුවර ශ්‍රීලංකා තානාපති කාර්යාලයේද විභාග මධ්‍යස්ථානයක් පැවැත්වෙනවා.