නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පත් කෙරුණා. ඒ ජේ එම් මුසම්මිල් මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර තිබෙනවා. ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි පත් කෙරුණේ. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස විලී ගමගේ මහතා පත්කර තිබෙනවා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ මහතා පත් කෙරුණා. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇත්තේ ලලිත් යූ ගමගේ මහතායි.