ඕස්ට්‍රේලියාවේ පවතින ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් සිඩ්නි නුවර සහ ඇඩිලේඩ් නගර අධික දුමාරයකින් වැසී පවතිනවා.
මෙම තත්ත්වය පෙර දිනවලට වඩා ඉතා ඉහළ ගොස් ඇති බවයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කළේ.මේ හේතුවෙන් එරට බලධාරීන් අනතුරු ඇඟවීම්ද නිකුත් කළා. එලිමහනේ කටයුතුවලදී මුහුණු ආවරණ පළදින ලෙසයි උපදෙස් නිකුත් කර තිබෙන්නේ. මෙම තත්ත්වය සෞඛ්‍යට අයහපත් ලෙස බලපාන බවයි ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ වන විට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 06 ක ලැව්ගිණි පවතිනවා. එය දරුණු ව්‍යසනයක් බවට පත්ව ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.