විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම්දීමට නියමිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීම සිදු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරි ආරම්භ කරනු ඇති. ඒ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ මෙවර දිවුරුම් දෙන්නේ තුන්වන වරටයි. නව අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයද පත්කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කැබිනට් අමාත්‍යවරයකු , විපක්ෂනායකවරයකු මෙන්ම විධායක ජනාධිපතිවරයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා මව්බිම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ නායකයකු වනවා.