fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දී මූ ජයරත්න මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 17:03

දී මූ ජයරත්න මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සෙනසුරාදා ගම්පොල දොලුව ක්‍රීඩාංගනයේදී සිදුකිරීමට නියමිතයි.

1931 වසරේ ජූනි මස 7 වනදා උපත ලැබූ දී මූ ජයරත්න මහතා දොළුව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක යුගයේදීම එම පක්ෂය සමග එක්වුණා. දී මූ ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 වන සාමාජිකයායි.  1970 මහ මැතිවරණයේ දී ගම්පොල මැතිවරණ කොට්ඨාසය ජය ගනිමින් ඒ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වුනා. 1994 වසරේ පිහිටවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ඉඩම් කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස දී මූ ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට එක්වුණා. අමාත්‍ය ධුර රැසක් දැරූ ඒ මහතා 2010 වසරේ අප්‍රේල් 21 වනදා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. දරුවන් තුන් දෙනෙකුගේ පියෙකු වන ඒ මහතා සමාජ සේවා රැසක් ඉටුකර තිබෙනවා. අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය සහ ආගමික මධ්‍යස්ථානය ද දී මූ ජයරත්න මහතාගේ නිර්මාණයක්. එය පාලනය වූයේ ද ඒ මහතා ඇතුළත් වූ අම්බුලුවාව පරිසර සංවර්ධන හා සංරක්ෂණ භාරය මගිනි. මහනුවර පෞද්ගලික රෝහලකදී ඊයේ අභාවප්‍රාප්ත වන විට  88 වන වියේ පසුවුණා. දේහය මේ වන විට ගම්පොල දොළුව ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අනිද්දා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතයි. අවසන් කටයුතු සෙනසුරා පස්වරුවේ ගම්පොල දී සිදු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 17:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්