fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නලීන්ට සැකයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 16:57

නලීන්ට සැකයක්

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් නිසි ලෙස භාවිත කලේද යන්න සැකයක් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ඊයේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයට පිළිතුරු ලෙස එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යයන් එහි මෙහෙයුම් ප්‍රධානීන්ට භාරදී තිබුණේ වෝක්ෂෝල් වීථිය මෙහෙයුම් කාර්යාලයට බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එම කාර්යාලය මගින් සිරිකොත මූලස්ථානය වෙත පවරන ලද සියලු කාර්යයන් සාර්ථකව ඉටුකර දී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම අමතර මෙහෙයුම් කාර්යාල මගින් පක්ෂයෙන් ඉල්ලා සිටි සියලු සහයෝගය සිරිකොත කාර්යාලයෙන් ලබාදුන් බවද අකිල විරාජ් කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනයේ සදහන්. වෝක්ෂෝල් වීථිය කාර්යාලයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස හදුන්වාදී තිබුණේ තිස්ස අත්තනායක මහතායි. මැතිවරණ ව්‍යාපාරයට අරමුදල් එකතු කිරීමේ වගකීම භාරගෙන තිබුණේද වෝක්ෂෝල් වීථිය මෙහෙයුම් කාර්යාලය බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පෙන්වා දෙනවා. එහෙයින් අරමුදල්වල අවභාවිතයක් සිදුවී ඇත්නම් ඒ පිළීබද විමසා බැලිය යුත්තේ එම කාර්යාලය බවයි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ. මැතිවරණය පිළිබද සමාලෝචන කිහිපයක් සිදුවුවද මෙවැනි පැමිණිල්ලක් එවැනි අවස්ථාවක ඉදිරිපත් නොවූ බවද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා අවධාරණය කරනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 16:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්