fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ටෙනිස් පිටියෙන් සමු ගැනීමට තීරණය කර නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 14:31

සුපිරි ටෙනිස් ක්‍රීඩක රොජර් ටෙනිස් පිටියෙන් සමු ගැනීමට තීරණය කර නැහැ

සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්විට්සලන්තයේ රොජර් ෆෙඩරර් ටෙනිස් පිටියෙන් සමු ගැනීමට තවමත් සිතා නොමැති බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

ස්විට්සලන්තයේ රොජර් ෆෙඩරර් සහ ජර්මනියේ ඇලෙක්සැන්ඩර් සර්වේව් ආර්ජන්ටිනාවේදී  ටෙනිස් තරගාවලියකට සහභාගී වීමට නියමිතයි. එම තරගාවලියට පෙර ඔවුන් දෙදෙනා ආර්ජන්ටිනාවේදී විශේෂ මාධ්‍ය හමුවකට එක්වුණා.ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසුවන රොජර් ෆෙඩරර්ගෙන් එම මාධ්‍ය හමුවේදී සමුගැනිම පිලිබද මාධ්‍යෙව්දීයෙකු නැගු  ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් කියා සිටියේ ටෙනිස් පිටියට සමුදීමට උවමනාවක් තවම මතුව නැති බවයි.  38 හැවිරිදි වියේ පසුවන රොජර් ෆෙඩරර් ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් ශූරතා 6ක් දිනාගෙන ඇති අතර 2009 වසරේදී ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව දිනා ගෙන තිබෙනවා.  විම්බල්ඩන් ටෙනිස් ශූරතා 8ක් දිනාගෙන ඇති ෆෙඩරර් , වසර 5ක් අඛන්ඩව  එම ශුරතාව දිනාගෙන තිබීම ද විශේෂත්වයක්.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 14:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo