fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍යයට පැමිණි නෞකාවක කන්ටේනරයක සැඟවී සිටි සංක්‍රමණිකයින් 25 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 14:20

බ්‍රිතාන්‍යයට පැමිණි නෞකාවක කන්ටේනරයක සැඟවී සිටි සංක්‍රමණිකයින් 25 දෙනෙකු අත්අඩංගුවට

නෙදර්ලන්තයේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කන්ටේනරයක සැඟවී සිටි සංක්‍රමණිකයින් 25 දෙනෙකු එරට පොලීසිය අත්අඩංගුවට ගත්තා.

නෞකාවේ කාර්ය මණ්ඩලය එක්ව මෙම කන්ටේනරය පරීක්ෂා කරන අවස්ථාවේදී අදාළ පිරිස සොයාගෙන තිබෙනවා.අධි ශීතකරනයක් සහිත කන්ටේනරයක් තුළයි ඔවුන් රැදීසිටි ඇත්තේ. මෙම පිරිස අතරින් කිහිප දෙනෙකු රෝහල් ගත කිරීමට ද සිදුවුණා. ඔවුන් කුමන රටකට අයත් පිරිසක් ද යන්න මෙතෙක් හෙළිව නැහැ. බ්‍රිතාන්‍යයට පැමිණීමට උත්සාහ කළ වියට්නාම ජාතිකයින් 39 දෙනෙකුගේ සිරුරු පසුගිය මාසයේදී කන්ටේනරයක තිබී සොයා ගත්තා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 20, 2019 14:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්