වැලි නිකුත් කිරීමේ දී විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ඉල්ලා මනම්පිටිය ප්‍රදේශයේ වැලි ප්‍රවාහනය කරන්නන් විරෝධතාවකට එක්ව සිටිනවා.
මනම්පිටියේ පිහිටි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ කාර්යාලය ආසන්නයට එක්වූ ටිපර් රථ රියදුරන් හා වැලි ප්‍රවාහනය කරන්නන් මෙම විරෝධතාවට එක්ව සිටිනවා. මෙම කාර්යාලයේ ඊයේ (19) හටගත් ගින්න කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ. නියමිත වැලි කියුබ් සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මෙම ස්ථානයෙන් නීතිවිරෝධීව මුදාහැරීම සිදුවන බවට ද විරෝධතාකරුවන් චෝදනා කරනවා.
ගින්න හටගැනීමෙන් අනතුරුව එම කාර්යාලයේ තත්ත්වය සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ද පැමිණ සිටියා.