නීතිවිරෝධීව පතල් කැනීම් කළ පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය ප්රකාශ කළා.
පස්සර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකළේ ආගරතැන්න යුරිවත්ත ප්රදේශයේදී. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මොණරාගල කාර්යාලයට භාරදී තිබෙනවා.