fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණය සාමකාමී බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම පවසයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2019 19:01

ජනාධිපතිවරණය සාමකාමී බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම පවසයි

අවසන් වූ ජනාධිපතිවරණය සාමකාමී බව පොදුරාජ්‍ය මණ්ඩලයීය මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම පවසනවා. ජනතාව සාමකාමීව හා යුක්තිගරුකව ඡන්දය ප්‍රකාශ කිරීම අගය කරන බවයි එම නිරීක්‍ෂණ කණ්ඩායමේ ප්‍රධානී ප්‍රොස්පර් බානි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ.

ජනාපතිවරණ නිරීක්‍ෂණයේ අවසන් වාර්තාව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරයා වෙත භාර දීමට එම නිරීක්‍ෂණ කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජයට හා මැතිවරණ කොමිසමට එය භාර දීමට පියවර ගන්නා බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරුණේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 19, 2019 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්