බ්‍රසීලයට අයත් ඇමර්සන් වනාන්තරය එළි කිරීම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව අභ්‍යවකාශ ආයතනය පවසනවා. 2008 වසරෙන් පසුව ශීඝ්‍රයෙන්ම වනාන්තරය එළි කිරිම වාර්තා වී ඇත්තේ මෙම වසරේයි.
පසුගිය මාස 12 ක කාලය තුළ බ්රසිලයට අයත් ඇමර්සන් වනාන්තර ප්‍රදේශයේ වනාන්තරය එළි කිරීම 29.5%කින් ඉහළ ගොස් තිබෙනවා. 2018 වසරේ අගෝස්තු මාසයේ සිට 2019 ජූලි මාසය දක්වා වැසි වනාන්තරයෙන් වර්ග කිලෝමිටර නවදහස් හත්සිය හැට දෙකක භූමි ප්‍රදේශයක් විනාශයට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිරිපත් කර ඇති චන්ද්‍රිකා දත්ත අසත්‍ය බවයි බ්රසිල ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. එහෙත් බොහෝ පරිසරවේදීන් චෝදනා කරන්නේ ඔහුගේ ධුර කාලයේදී ඇමර්සන් වනාන්තරය එළි කිරීම ඉහළ ගොස් ඇති බවයි.