හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන මස 03 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයි නියෝගය නිකුත් කළේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබෙනවා. බන්ධානාගාර නිලධාරීන් සැකකරුවන් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට අද (19) ඉදිරිපත් කළා. සැකකරුවන්ගේ බැංකු ගිණුම් පිළිබද ආයතන 73 ක් අතරින් ලබා ගත් වාර්තා අනුව හේමසිරි ප්‍රනාන්දු මහතා සතුව කිසිදු ගිණුමක් පවත්වාගෙන ගොස් නොමැති බව අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව අධිකරණය දැනුම් දුන්නා.
කෙසේ වෙතත් පූජිත් ජයසුන්දර මහතා ආයතන 73 ක් අතුරින් මූල්‍ය ආයතන 05 ක ගණුදෙනු පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය අධිකරණයට කියා සිටියේ.