ඩයනා කුමරියගේ ඇදුමක් වෙන්දේසියට එක් කර තිබෙනවා. 1985 වසරේ දී ඩයනා කුමරිය ඇමෙරිකා ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රාත්රී සාදයකට මෙම ඇඳුමෙන් සැරසී සිටි බව සඳහන්. එය ඇමෙරිකා ඩොල්ර් තුන්ලක්ෂ විසිහතර දහසත්, හාරලක්ෂ පනස් හතර දහසත් අතර මුදලකට දෙසැම්බර් 9 වනදා වෙන්දේසි කිරීමට නියමිතයි.