බටහිර ඉවුරේ ස්ථාපනය කර ඇති ඊශ්‍රායල ජනාවාස ජාත්‍යන්තර නීතියට තවදුරටත් පටහැනි නොවන බව ඇමෙරිකාව පවසනවා. ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ බව සදහන් කළා. ඊශ්‍රායලයටත්,පලස්තීනයටත් එක්ව කටයුතු කිරීමට බටහිර ඉවුර පවතින බවයි ඔහු ප්‍රකාශ කළේ. බටහිර ඉවුරේ ස්ථාපනය කර ඇති ජනාවාස හේතුවෙන් ඊශ්‍රායලය පලස්තීනය මෙන්ම බටහිර ප්‍රජාව අතරද අර්බුද මතු වුණා. බටහිර ඉවුර සම්බන්ධයෙන් මීට පෙර ඇමෙරිකාව තුළ පැවති අදහස වූයේ එම ජනාවාස නීතිවිරෝධී බවයි. ජනාවාස 140 ක පමණ යුදෙව් ජාතිකයින් හයලක්ෂයක් පමණ ජීවත් වනවා. පලස්තීනය පවසන්නේ මෙම ජනාවාස සියල්ල බටහිර ඉවුරෙන් ඉවත් කළ යුතු බවයි. සියලු නෛතික ක්‍රියාවලීන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම ජනාවාස නීතිවිරෝධී නොවන බවට ප්‍රකාශයට පත් කරන බවයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සදහන් කළේ.