චීනයේ උතුරු ප්‍රදේශයේ ගල්අගුරු පතලක පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
චීනයේ උතුරු දිග ප්‍රදේශයේ ෂැන්සි පළාතේ ගල්අගුරු පතලකයි මෙම අනතුර සිදු වුණේ. අනතුරින් තවත් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. අනතුර සිදුවන අවස්ථාවේ ගල් අගුරු පතලේ කම්කරුවන් 35 දෙනෙකු සිට තිබෙනවා. මුදා ගැනීමේ අංශ 11 දෙනෙකු බේරාගැනීමට සමත්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.