ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනපති ධුරයට පත්වීමත් සමග රාජ්ය ආයතනවල ජනපති රුව වෙනුවට රාජ්ය ලාංඡනය සවි කිරීමට තීරණය කර තිබෙනවා.
ඉතිහාසයේ පත්වූ කිසිදු රාජ්ය නායකයෙකුම මෙවැනි තීරණයක් ගෙන තිබුණේ නැහැ. එහෙත්, සාර්ථක දැක්මක් – වැඩකරන රටක් තේමාවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිලිවෙල ශක්තිමත් කිරීමේ තවත් එක් අවස්ථාවක් ලෙස මෙය හදුන්වාදිය හැකියි. කාර්යක්ෂමතාව ඉහළ නංවමින් සුපිරිසිදු රාජ්ය සේවයක් මෙන්ම රට ගැන අභිමානයක් ඇති කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අරමුණයි.