fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 16:02

මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවයි

මාලිගාවත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

මාලිගාකන්ද පළමු මරදාන, කොටුව, පිටකොටුව, චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත සහ ඩී ආර් විජේවර්ධන මාවත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. එමෙන්ම කොළඹ 3 /7/8/12/ සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ. අඹතලේ සිට කොළඹට ජලය සැපයෙන ප්‍රධන ජල මාර්ගයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි ජලය සැපයුම සීමා කර තිබෙන්නේ. මෙම අලුත්වැඩියාව හේතුවෙන් අවිස්සාවේල්ල, කොළඹ ලෝ ලෙවල් මාර්ගය අංගොඩ හන්දියේ පාලම අසලින් තාවකාලිකව වසා තිබෙනවා. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 16:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්