කොළඹ කොටස් වෙළෙඳපොල මිල දර්ශකය වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද උදෑසන දෛනික කටයුතු ආරම්භ වී විනාඩි 15ක් ඇතුළත සියලු කොටස් මිල දර්ශකය ඒකක 104කින් ඉහළ ගියා. පිරිවැටුප රුපියල් මිලයන 526ක් ලෙසයි සටහන් වුයේ. පසුගිය 15වනදා වන විට කොටස් වෙලෙදපොල සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබුණා.