fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට සැරසෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 11:55

මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීමට සැරසෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග එළඹෙන ඉන්දිය ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සදහා ක්‍රිඩා කිරිමට නියමිත බව වාර්තා වනවා.

මාලිංග ඇතුළු ක්‍රිඩකයින් 18 දෙනෙකු මුම්බායි කණ්ඩායමේ ඉදිරි තරග සදහා රදවා ගැනිමට තීරණය කර තිබෙනවා. ඒ අතර වෙනත් කණ්ඩායම්වලින් මිලදී ගත් ක්‍රිඩකයින් තිදෙනෙකු ද වනවා. කෙසේ වෙතත් තවත් ක්‍රිඩකයින් 12 දෙනෙකු ඉවත් කිරිමට ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කර තිබෙනවා. මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ක්‍රිඩකයින් හය දෙනෙකු කණ්ඩායමෙන් ඉවත් කිරිමට තීරණය කර ඇති බව සදහන්. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ක්‍රිඩකයින් 12 දෙනෙකු ද, රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට් රයිඩර් යන කණ්ඩායම්හි ක්‍රීඩකයින් 11 දෙනා බැගින්ද මුදා හැර තිබෙනවා.  ලබන වසර සදහා ක්‍රිඩකයින් තෝරා ගැනිමේ වෙන්දේසි ලබන මාසයේදී පැවැත්විමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 18, 2019 11:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්