ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු වැඩභාර ගැනීම ලබන මස හතරවනදා
Related Articles
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස මිකී ආතර් ලබන මස හතරවනදා වැඩභාර ගැනිමට නියමිත බව වාර්තා වනවා.
පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ මීකි ආතර් කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරිමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළේ නිමා වූ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුවයි. කෙසේ වෙතත් ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ පාකිස්තානය 2017 වසරේදී අයිසීසී ශුරයින්ගේ කුසලාන එක්දන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව ද හිමි කර ගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පන්දු රැකිමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියාවේ ෂේන් මැක්ඩර්මොට් පත් කර ඇති බවයි සඳහන් වන්නේ.