fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොලිවියාවේ ගැටුම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2019 11:24

බොලිවියාවේ ගැටුම්

බොලිවියාවේ හිටපු ජනාධිපති එවෝ මොරාලස් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් පස් දෛනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බොලිවියාවේ සකාබා නගරයේ පැවති විරෝධතාවලිනුයි මෙම පිරිස ජීවිතක්ෂයට පත් වුණේ. තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද සදහන්. පසුගිය ඉරිදා ජනාධිපතිධූරයෙන් ඉවත් වූ එවෝ මොරාලස්ට සහාය පළ කරමින් මෙම පිරිස විරෝධතාවල නිරත වුණා. ඔහු ඉවත් වීමත් සමග එරට අන්තර්වාර ජනාධිපතිවරිය ලෙස ජීන් ෂීස් තමාව ජනපතිවරිය ලෙස නම් කර ගත්තා. ඉන් අනතුරුව මෙම විරෝධතා උත්සන්න වුණා. මෙම විරෝධතාකරුවන් පළවා හැරීම සදහා බොලීවියා ආරක්ෂක අංශ රබර් උණ්ඩ සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමද සිදු කළා. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ එවෝ මොරාලස් ජනාධිපතිවරයාට නැවතත් ජනාධිපතිධූරය භාර ගන්නා ලෙසයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 16, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්