fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

BREAKING : රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාව අසත්‍යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 13:37

BREAKING : රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාව අසත්‍යයි

රාජ්‍ය බුද්ධි සේවය මගින් නිකුත් කළ බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තාවක් ප්‍රතික්ෂේප කරන බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

පසුගිය පස්වනදා රාජ්‍ය බුද්ධි සේවය ජනාධිපතිතුමා වෙත යොමුකළ රාජ්‍ය බුද්ධි වාර්තාවක් යනුවෙන් මෙය සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම පොලීසියේ කිසිදු ආයතනයක් ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් සිදුනොකරයි. පොලීසියේ පූර්ණ අවදානය යොමුවන්නේ ජනාධිපතිවරණය නිදහස්ව හා සාමකාමීව පැවැත්වීම පිළිබදවයි. ආරක්ෂිත වාතාවරණයක් සැලසීම පොලීසියේ ප්‍රමුඛ කටයුත්තක් බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.

මෙවන් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලාවල පළකළ තැනැත්තන්ට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිත බවද පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 15, 2019 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්