ඉතිහාසයේ පළමුවරට බලයේ සිටින රාජ්‍ය නායකයා නිර්පාක්ෂිකවීම හේතුවෙන් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකිවූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. උපහාර දැක්වීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විෂය භාර අමාත්‍යවරයා ලෙස පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටුකළ මෙහෙය ඇගයීමට ලක්කරමින් අද පෙරවරුවේ පොලිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ විශේෂ උත්සවයක් පැවැත්වුණා. පොලිස් දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබුවා. වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ හමුවකට ජනාධිපතිතුමා එක්වුණේ ඉන් අනතුරුවයි. එහිදී පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු දෙනාගේ ගැටලු විසදමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනාධිපතිතුමා ගත් පියවර මෙහිදී ඇගයීමට ලක්වුණා.
මේ අතර යුද නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන් ශක්තිමත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ඇගයීමේ උපහාර පිළීගැන්වීමක් සිදුකෙරුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන, ත්‍රිවිධ හමුදාවරු ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. විශ්වවිද්‍යාල උපකුලපතිවරුද ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා මුණගැසුණා. විශ්වවිද්‍යාල පද්ධතියට නව අරුතක් ලබාදෙමින් එහි උන්නතිය උදෙසා මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් ගතවූ පස්වසර තුළ ජනාධිපතිතුමා ගත් පියවර ඇගයීමට ලක්කෙරුණා. එහිදී ජනාධිපතිතුමා ක්ෂේත්‍ර යේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට ඉඩකඩ විවරකරදීම පිළිබදව සියලු උපකුලපතිවරුන්ගේ ගෞරවය ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලැබුවා.