ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 30කින් ජයග්රහණය කිරිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුනා.
ඉන්දියාවේ ලක්නව්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයෙම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 164ක් රැස් කළා. නායක කිරන් පොලාඩ් ලකුණු 32යි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ එවින් ලුවිස් ලකුණු 68ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ගුල්බාදින් නායිබ් කඩුලු 02ක් බිද හෙලුවා.
පිලිතුරු ඉනිම ක්රිඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 134ක් පමණයි. අස්ගර් ඇෆ්ඝන් ලකුණු 25ක් ලබා ගත්තා. පන්දු යැවිමේදී කොදෙව් කණ්ඩායමේ කෙස්රික් විලියම්ස් කඩුලු 03ක් බිද හෙලුවා.