ලෝකයටම ආදර්ශමත් රාජ්‍ය පාලනයක් ආරම්භ කරන බව සජිත් කියයි (Video)
Related Articles
ඒකීය ශ්‍රී ලංකාවක් තුළ රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස ආරක්ෂා කරමින් මාතෘ භූමිය එළඹෙන 16 වනදා සිට නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බුදුදහමට මුල්තැන දී අනෙකුත් සියලු ආගම් හා ජාතීන් සුරකින ජනතාවාදී හා මානවවාදී රටක් නිර්මාණය කිරීමට තමා කැපවන බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එක්ව ඉදිරියට යන තේමාව යටතේ මැද කොළඹ පැවති 154 වන අවසන් මහා ජන රැළියට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශකර සිටියේ දේශපාලන පළිගැනීම්, එදිරිවාදිකම් සියල්ල නවතා රට තුළ නව දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කර ලෝකයටම ආදර්ශමත් රාජ්‍ය පාලනයක් තමන් ආරම්භ කරන බවයි.
තමාගේ ජයග්රහණයෙන් පසුව විනයගරුක ගුණගරුක ආණ්ඩුවක් තුළ මිනිසත්කම කේන්ද්‍ර කරගත් රාජ්‍ය පාලනයක් බිහිකරන බව ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කළුතර පැවති ජන හමුවට එක්වෙමින්.
පුරවැසිභාවය පිළිබද ඇතැම් නීතිඥවරුන් ඉදිරිපත් වී අසත්‍ය ප්‍රචාර සිදු කරන බවත් එමගින් සිදුවන්නේ ප්‍රතිවාදීන්ගේ හැම බොරුවක්ම හෙළිවීම බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කවුරු මොන බොරුව සිදු කළත් සත්‍ය කවදා හෝ ජය ගන්නා බැවින් මුළු රටේම දිනන රැල්ල තමාට බව හම්බන්තොට පැවති ජනරැළියේදී ඒ මහතා ප්‍රකාශ කළා.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එම් ටී දයානන්ද හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂක මතකවීර යන මහත්වරුන් ඇතුලු පාක්ෂිකයින් රැසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්වුණා.
ධර්මය හා විනය ආරක්ෂා කර ගනිමින් සම්බුද්ධ ශාසනයේ කොදුනාරටිය බදු වූ මහා සංඝරත්නය අප ආරක්ෂා කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඒ මහතා මේ බව කියාසිටියේ ගාල්ල නගරයේ පැවති ජනරැළියට එක්වෙමින්. මෙහිදී ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ද සජිත් ප්‍රේමදාස මහතා වෙත දිවුරුම් ප්‍රකාශයක් භාර දුන්නා. එහි සඳහන් වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ධුර කාලයේදී වසර දෙකක කාල සීමාවක් තුළ තමන්ට හිමි ඇමති වැටුප ලබා නොගෙන කාර්යක්ෂමව කැපවීමෙන් කටයුතු කරන බවත් තමන්ගේ භාවිතය සඳහා මහජන මුදලින් අලුත් වාහන ආනයනය නොකරන බවයි.