fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රතිඵල ලද සැණින් එසැණින් ගෙන ඒමට ITN මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 18:08

ප්‍රතිඵල ලද සැණින් එසැණින් ගෙන ඒමට ITN මෙහෙයුමක්

හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සදහා අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලද සැණින් එසැණින් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා තිබෙනවා.

පළමුව සහ ස්වාධීනව යන්න තේමාකරගත් මෙම ජනාධිපතිවරණයේ විකාශන කටයුතු අනිද්දා පෙරවරු හතට ආරම්භ කෙරෙනවා. ජනාධිපතිවරණයේ නිත්‍ය ආවරණාධිපති මෙන්ම ශ්‍රී ලංකේය ජන බලය හසුරුවන ආවරණාධිපති ලෙස ස්වාධීන රූපවාහිනිය මෙම ප්‍රථිපල විකාශය කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණවල ප්‍රථිපල විශ්ලේෂණයක් ද මෙහිදී සිදුවනවා.

ජනාධිපතිවරණයේ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින අයිටීඑන් ප්‍රේක්ෂකයන්ට හින්දි සිනමා රසවින්දනයට ද අවස්ථාව සලසා දී තිබෙනවා. අයිටීඑන් එච් ඩී මැදිරියේ සිට අධිතාක්ෂණික උපකරණ භාවිතයෙන් ප්‍රථිපල විකාශය ගෙන ඒමටයි කටයුතු යොදා ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්