මෙතෙක් පැවති ප්රධාන දේශපාලන ප්රවාහයන් දෙකටම අභියෝග කළ හැකි දේශපාලන බලවේගයක් දැන් නිර්මාණය වී ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එම නව දේශපාලන බලවේගය තමන් නියෝජනය කරන බවයි මහරගම පැවති අවසන් ජන රැළියට සහභාගි වෙමින් ඒ මහතා කියා සිටියේ.
ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරමින් අවසන් රැළිය පැවැතියේ මහරගම නගරයේ දීයි. ඔහුට සහාය දක්වන මහජන නියෝජිතයින්,දේශපාලන සංවිධාන හා පුද්ගලයින්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම ජන රැලියට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_XbLNcFuFVI”]