fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම පෙබරවාරි 14

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 14:44

නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම පෙබරවාරි 14

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන වසරේ පෙබරවාරි 14 වනදාට කල්තැබුණා.

කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. වෙනත් නඩුවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  නිශ්ශංක සේනාධිපති මහතා බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළා. අධි චෝදනා 47 කින් සමන්විත චෝදනා පත්‍රය විත්තිකරුවන් වෙත මීට පෙර භාරදෙනු ලැබුවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo