fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 14:38

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක්

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්විමට නියමිත තරග  දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන මස 11වනදා පාකිස්තානයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලිය පාකිස්තානයේ රාවල්පින්ඩි සහ කරච්චිහිදි පැවැත්විමට නියමිතයි. පළමු තරගය දෙසැම්බර් 11 සිට 15 දක්වා ද,  දෙවන තරගය දෙසැම්බර් 19 සිට 23 දක්වා ද පැවැත්වෙනු ඇති. මෙම තරගාවලිය මිට පෙර ඔක්තෝබර් මාසයේදී පැවැත්විමට නියමිතව තිබු අතර ආරක්ෂක හේතු මත එය ලබන මාසය දක්වා කල් දැමුණා.

පාකිස්තානයේදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර දහයකට පසුව වීම ද විශේෂත්වයක්. 2009 වසරේදී පාකිස්තානය සමග ටෙස්ට් තරගාවලියකට එක්ව සිටියදීයි ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වුණේ. ඉන් අනතුරුව මෙතෙක් කිසිදු කණ්ඩායමක් එරටදී ටෙස්ට් තරගාවලියට එක් වී නැහැ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 14, 2019 14:38

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්