ලෝක දියවැඩියා දිනය අදට යෙදී තිබෙනවා. දියවැඩියා රෝගය වළක්වා ගැනීම සදහා ජනතාව දැනුවත් කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ඒ වෙනුවෙන් සංවිධාන කර තිබෙනවා.
රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම දියවැඩියා රෝගය ලෙස හදුන්වනවා. ලොව පුරා සෑම තත්ත්පර 08 කට වරක් දියවැඩියා රෝගයෙන් එක් අයෙකු මිය යන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට වඩා එය ඇතිවීම වළක්වා ගැනීම වැදගත් වනවා. සෑම පවුලකම එක්අයෙකුට දියවැඩියා රෝගය වැළදෙන තරමටම එය මේ වන විටම ප්‍රචලිතව පවතිනවා. වැරදි ජීවන රටාව ඊට හේතුවයි.
අධික සීනි සහ පිටි සහිත ආහාර භාවිතය මෙන්ම නිසි පරිදි සිරුරට ව්‍යායාම නොලැබීම රෝගය වැළදීමට හේතුවයි. ජානමය හේතූන්ද ඊට බලපානවා. දියවැඩියාවෙන් ආරක්ෂාවීමට අධික මේදය පිටි සහ සීනි සිහිත ආහාර අවම කිරීම, ව්‍යායාමවල නිරත වීම ආදිය වැදගත්. ඖෂධවලට වඩා මෙවැනි ක්‍රියා පිලිවෙත් තුලින් දියවැඩියාව පාලනය කිරීම වැදගත් බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.