ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
ඉන් විසි දෙනෙකු තුවාල ලැබුවා. කැනේඩියා ආරක්ෂක ආයතනයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි ඇෆ්ගනිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ. එය ආසන්නයේ තිබූ ගොඩනැගිලි සහ රථවාහන රැසකට ද බෝම්බ පිපිරීමෙන් හානි සිදුව තිබෙනවා.
මෙහි වගකීම කිසිදු සංවිධානයක් මෙතෙක් භාරගෙන නැහැ.