ෂේන් වොට්සන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ නව සභාපති ලෙස පත් කෙරේ
Related Articles
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රිඩක ෂේන් වොට්සන් පත් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමයේ වාර්ෂික සභා රැස්විමේදීයි ෂේන් වොට්සන් එහි නව සභාපතිවරයා ලෙස තේරී පත් වුණේ. ඒ අනුව සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත සංගමයේ ප්‍රධානියා ලෙස ෂේන් වොට්සන් කටයුතු කරනු ඇති.
ඊට එක්ව ඇති නව තිදෙනා වන්නේ වත්මන් ක්‍රිකට් ක්‍රිඩක පැට් කමින්ස්, ක්‍රීඩිකා ක්‍රිස්ටින් බියින්ස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩිකා ලීසා ස්තලේකර් යන අයයි.