fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝඨාභයගේ ඇමෙරිකා පුරවැසිභාවය පිළිබඳ යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 18:40

ගෝඨාභයගේ ඇමෙරිකා පුරවැසිභාවය පිළිබඳ යළිත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක්

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රිට් පෙත්සම නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කෙරුණා.

සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අයයි පෙත්සම ගොනුකර තිබෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නිසි ආකාරයට ලබාගෙන නොමැති බව පවසමින් ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පසුගිය ඔක්තෝබර් මස 4 වනදා අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා. එම තීන්දුව දෝෂ සහිත බවත් එය බල ශූන්‍ය කර පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහනය ලබා දෙන ලෙසත් මෙම අභියාචන පෙත්සමින් ඉල්ලා තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 18:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo