ප්රජාතන්ත්රවාදී අයිතීන් මෙන්ම ජයග්රහණ අත්පත් කර ගැනීමට සුවිශේෂී අරගලයක් සිදු කිරීමේ වගකීම තම කණ්ඩායමට පැවරී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඉල් මහ විරු සමරුවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=PkS45uVz91U&feature=youtu.be”]
ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ඉල් මහ විරු සමරුව ගාල්ලේ දී අද පැවැත්වුණේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුලු මිය ගිය සාමාජිකයින් සිහි කිරීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධාන කෙරෙන ඉල් මහ විරු සමරුව මෙවර පැවැත්වුණේ 30 වන වරටයි. මිය ගිය සාමාජිකයින්ට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදුකෙරුණා. ප්රධාන දේශනය පැවැත්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතායි. සුනිල් හඳුන්නෙත්ති, නලින් ද ජයතිස්ස, බිමල් රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුලු පක්ෂ ක්රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.