වසර ගණනාවකට පසු සිම්බාබ්වේ රාජ්‍යය දරුණුතම නියඟයකට මුහුණ දෙමින් සිටිනවා.
එරට ජාතික වනෝද්‍යානයේ සතුන් සිය ගණනක් දැනටමත් මිය ගොසින්. ජලය සහ ආහාර නොමැතිවීම හේතුවෙන් අලි ඇතුන් සිය දෙනෙකු මියගොස් තිබෙනවා. ජලය තිබෙන ස්ථානවලට සතුන් රැගෙන යාමට තවත් සති කිහිපයක් ගතවනු ඇති බවයි සිම්බාබ්වේ බලධාරීන් පවසන්නේ. මේ අතර කෙසේ වෙතත් එරට කාලගුණ අංශ කියාසිටින්නේ ඉදිරි කාලය තුළද ප්‍රමාණවත් වර්ෂාවක් බලාපොරොත්තු විය නොහැකි බවයි.