fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණයේදී දේශපාලන අරමුණු හා න්‍යාය පත්‍රයන් පිළිබද දෙමළ ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 13:07

ජනාධිපතිවරණයේදී දේශපාලන අරමුණු හා න්‍යාය පත්‍රයන් පිළිබද දෙමළ ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතුයි

ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයින්ගේ දේශපාලන අරමුණු හා න්‍යාය පත්‍රයන් පිළිබද දැඩි අවධානයක් යොමු කරන්නැයි ගෝලීය දෙමළ සංසදය ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එළඹෙන 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාව ඡන්දය භාවිත කිරීමේදී මේ පිළිබද දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ග්ලෝබල් ටැමිල් ෆ්ලෝරම් හෙවත් ගෝලීය දෙමළ සංසදය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන්ගෙන් ශක්තිමත් වනවා.

ඒ තුළ දෙමළ ජනතාවට වැදගත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය, බලය බෙදීම හා ප්‍රතිසන්ධානය සදහා කැපවීම මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ගිවිසුම් සහ යෝජනාවන්ට ගරු කිරීම වැනි කරුණු අන්තර්ගත බවයි එම නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජාතික ආරක්ෂාව පිළිබද අවධානය යොමු කිරීම අතින් ශක්තිමත් වුවද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තුළ කටයුතු කිරීමේ කැපවීමක් ඒ තුළ දක්නට නොලැබෙන බවයි එම නිවේදනයේ සදහන් වන්නේ.

ඒ අනුව ඉදිරි දේශපාලන දිශානතිය පිළිබද අවධානය යොමු කර දෙමළ ජනතාව තම ඡන්දය භාවිත කළ යුතු බවයි ගෝලීය දෙමළ සංසදය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සදහන් වන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්