fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සජිත් මරදානට – ගෝඨාභය පිළියන්දලට – අනුර මහරගමට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 11:42

සජිත් මරදානට – ගෝඨාභය පිළියන්දලට – අනුර මහරගමට

ජනාධිපතිවරණයේ සියලු ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ඒ අනුව ජනාධිපති අපේක්‍ෂකයන් ජනතාව අමතන ප්‍රධාන රැළි අද දවසේ පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වන අවසන් ජනරැළිය මරදානේදී පස්වරු 5 ට පැවැත්වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගි වන අවසන් ජනරැළිය පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදී අද පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් ජනරැළිය පැවැත්වෙන්නේ මහරගමදීයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඡන්ද විමසීම පවත්වා අවසන් වනතුරු මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම තහනම් වන බව මැතිවරණ කොමිසම පවසනවා. මේ අතර ජනාධිපතිවරණයට තරගවදින අපේක්ෂකයින් 35 දෙනාට හෙට දිනයේ මැතිවරණ කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දීම්කර ඇති බවයි වාර්තා වන්නේ. ඡන්ද විමසීම , ඡන්දය ගණන් කිරීම හා ප්‍රතිඵල නිකුත් කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්