fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට ප්‍රංශය සුදුසුකම් ලබයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 10:40

17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට ප්‍රංශය සුදුසුකම් ලබයි

වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට ප්‍රංශය සමත් වුණා. ඒ ස්පාඤ්ඤ කණ්ඩායම ගෝල 06ට එකක් ලෙස පරාජයට පත් කරමින්.

බ්‍රසීලයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ප්‍රංශ කණ්ඩායම  ගෝල 03ක් වාර්තා කළා. එම අර්ධයේදී  ස්පාඤ්ඤ කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ගෝලයක් පමණයි. දෙවන අර්ධයේදී ද ස්පාඤ්ඤයට අවස්ථාවක් ලබා නොදුන් ප්‍රංශය එහිදි තවත් ගෝල 03ක් රැස් කළා. ඒ අනුව ගෝල 6 ට 1 ක් ලෙස තරගයේ ජය හිමි කරගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට ප්‍රංශය සමත් වුණා. ඔවුන් අවසන් පූර්ව වටයේදී බ්‍රසීලය සමඟ තරග වැදීමට නියමිතයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2019 10:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්