මැතිවරණ රාජකාරිවල නිරත වන පොලිස් නිලධාරින් වෙත උපදෙස් මාලාවක් ලබාදී තිබෙනවා.
රාජකාරියේ දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ඔවුන් දැනුවත් කිරිමයි අරමුණ. ඡන්ද පොළ ආරක්ෂාව මෙන්ම ඡන්ද පෙට්ටි රැගෙනයාමේ කටයුතුවල ආරක්ෂාවටද ඔවුන් යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.