රථ වාහන වේග සීමා පාලනය කිරිමට නෙදර්ලන්තය තිරණය කළා.
කාලගුණ විපර්යාස සමථයකට පත්කිරිමයි අරමුණ. ඒ අනූව දහවල් කාලයේ දී පැයට කිලෝ මිටර 100ක මට්ටමින් වේග සිමාව පවත්වාගෙනයාමයි අරමුණ. ලබන වසරේ සිට එය ක්රියාත්මක කරන බව නෙදර්ලන්ත බලධාරින් සඳහන් කළා. රාත්රි කාලයේ වේග සීමාව වන්නේ පැයට කිලෝ මිටර 130ක්.
නයිට්රජන් ඔක්සයිඩ් හේතුවෙන් සිදුවන වායු දුෂණයට සාර්ථකව මුහුණදීමයි අපේක්ෂාව. පරිසරයට සිදුවන හානි වැළැක්විම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක්රියාත්මක කිරිමත් අරමුණක්. මේ වනවිට යුරෝපයේ රටවල් ගණනාවක්ම නව වේග සිමා වැඩසටහන් ක්රියාත්මක කිරිමටයි සැළසුම් කර තිබෙන්නේ.